Wednesday, January 14, 2026
Follow Us
ඉන්දීය උපාධි ගන්න ශිෂ්‍යත්වයක්

අයදුම්පත් වෙබ් අඩවියෙන්


ඉන්දියානු විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා මෙරට සිටින ඉන්දියානු සම්භවයක් සහිත දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා එම ශිෂ්‍යත්ව පිරිනැමෙන අතර ඒ සඳහා මෙම මස 30 වැනි දින දක්වා අයැදුම්පත් බාරගන්නා බවද මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

මේ සඳහා අයදුම්පත් සහ වැඩිවිස්තර http://www.spdcindia.gov.in/login/gnideline.php යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

Aruna