Wednesday, January 14, 2026
Follow Us
ජැකලින්ගේ ලංකාවේ වත්කම් එළියට

ජැකලින්ට දුන් අධිකරණ නියෝගය


බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණය විසින් ඇප නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි.

මේ අතර ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ.

මේ සම්බන්ධයෙන් ජැකලින්ගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇය පවසා ඇත්තේ සුකේෂ් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසිදිනෙක එහි ගොස් නොමැති බවය.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවෙමින් ඇති බවය.

මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය පිළිබඳව නොදන්නා බවට ජැකලින් අසත්‍ය ප්‍රකාශන සිදුකර ඇති බවද ඒ සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වෙයි.

ජැකලින්ගේ, අමෙරිකාවේ සිටින සහෝදරියට ඉන්දියානු රුපියල් කෝටි 1.26ක් ලබාදී ඇති බවත් ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 5.17ක ත්‍යාග ලබාදී ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ජැකලින් ඇයගේ දුරකථන දත්ත මකාදමා ඇති බවත් එය සාක්ෂි විකෘති කිරීමක් ලෙස සැලකෙන බවත්ය.

Aruna