Wednesday, January 14, 2026
Follow Us
විදෙස් රැකියා කීපයක් ගැන නිවේදනයක්

රැකියා අවශ්‍ය අයට ලියාපදිංචියට වෙබ් අඩවියක්


ශ්‍රී ලංකාවේ පිහිටි සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, සෞදි අරාබියේ ඉදිකිරීම් වැඩබිම්වල ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශ ගතවන්නේ නම් විදේශගත වීමට පෙර, එරට ඉංජිනේරු කවුන්සිලයේ ලියාපදිංචි වී සිටීම අනිවාර්ය බවය.

මේ අතර සෞදි අරාබි රාජ්‍යයේ ඉදිරියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රාශියක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

එම ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල සෞදි අරාබියේ නිල සංචාරයක නිරතවෙමින් සිටින බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව මෙම රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන ඉංජිනේරු හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සුදුසුකම්ලත් පුද්ගලයින් වේ නම් පහත සඳහන් කර ඇති වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙයි

Aruna