Wednesday, January 14, 2026
Follow Us
ජනප්‍රිය නළුවෙකු නීති විරෝධී භාණ්ඩ සමග ගුවන් තොටුපොළේදි කොටුවෙයි

ගමන් මලුවලින් හමුවූ භාණ්ඩ මෙන්න


ඉතාමත් මිල අධික අත්ඔරලෝසු කිහිපයක් නීති විරෝධීව රැගෙන ඒම සම්බන්ධ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම එක් අත්ඔරලෝසුවක වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් පමණ වන බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ශාරුක් පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි ඇති අතර, ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබේ.

අනතුරුව ශාරුක් ඛාන් ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව මුදා හැර තිබේ.

ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Aruna