Monday, April 06, 2026
Follow Us
චීන කාබනික පොහොර නැවේ ගැටලුව විසදන්න විදේශ කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙයි

චීන කාබනික පොහොර නැව පිළිබද ගැටලුවට රාජ්‍ය තාන්ත්‍රික විසදුමක් ලබාදීම සදහා විදේශ අමාත්‍යාංශය එක්ව තිබෙනවා.

ඒ, පසුගිය වසරේ මෙරටට ආනයනය කළ චීන කාබනික පොහොර නැව හා ඊට ශ්‍රී ලංකාව විසින් ගෙවා ඇති ඩොලර් මිලියන 6යි දශම 7ක මුදල සම්බන්ධව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විසදුමක් ලබා දීම සදහා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.

දෙරට අතර පවතින මිත්‍ර සබදතාවලට හානියක් නොවන අයුරින් මෙම ගැටලුවලට විසදුමක් සෙවීම සදහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රිගේ සහය ලබාදෙන ලෙසට ඉකුත් දා පැවති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද අමරවීර ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව අමාත්‍යවරුන් දෙපළගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධව අදාළ සියලු පාර්ශ්ව කැදවා සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

Neth