Wednesday, January 14, 2026
Follow Us
අමෙරිකානු තානාපතිනිය හා නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා අවශ්‍ය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සදහා කඩිනමින් සහය ලබාදෙන බව අමෙරිකානු තානාපතිනි ජූලි.ජේ.චෑන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හමුවේ කියා තිබෙනවා.

ඒ, තානාපතිනිය 08 පස්වරුවේ මඩකලපුවේ පිහිටි ආණ්ඩුකාර නිල නිවසේදි අනුරාධා යහම්පත් හමුවූ අවස්ථාවේදීයි. ජූලි.ජේ. චෑන් මෙරට තානාපතිවරිය ලෙස පත්වූ පසු නැගෙනහිර පළාතේ සංචාරය කළ පළමු අවස්ථාව මෙයයි.

අමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන පශු සම්පත් ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහන මගින් නැගෙනහිර පළාතේ කිරි ගොවියන් සදහා අවශ්‍ය සහය ලබා දෙන බවද තානාපතිවරිය එහිදී සඳහන් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් පැවසු තානාපතිවරිය රටතුල විධිමත් අභ්‍යන්තර ගුවන්ගමන් සේවයක් කඩිනමින් ඇති කිරිමට මැදිහත් වන ලෙසටද ආණ්ඩුකාරවරියගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

Neth