Wednesday, January 14, 2026
Follow Us
සමාජ ශාලාවක් ගිනිගනී

15ක් ගින්නෙන් මිය ගිහින්


රුසියාවේ කොස්ට්‍රෝමා නගරයේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් ඇතැයි රුසියානු බලධාරීහු ප්‍රකාශ කළහ.

පුද්ගලයකු එම සමාජ ශාලාවේ නර්තන වේදිකාව මත ‘ෆ්ලෙයාර් ගන්’ සංඥා පිස්තෝලයක් භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී තිබේ.

රුසියානු වේලාවෙන් පාන්දර 2 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර උදෑසන 7.30 පමණ වන විට ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන හමුදා සමත් වී ඇත.

Aruna