Wednesday, January 14, 2026
Follow Us
 සංගීත සංදර්ශනය අතරදී ප්‍රේක්ෂකයෝ ක්ලාන්ත වෙයි

සමරු ගන්න ගිහින් සංගීතය උණූසුම් වෙයි


ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයින් 30 දෙනකු පමණ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන් එම සංගීත සංදර්ශනය අතරමග නවතා දැමීමට සංවිධායකවරුන්ට සිදුව තිබේ.

ප්‍රේක්ෂකයන් වේදිකාවට සමීප වීමට උත්සහ කිරීමේදී ඇති වූ තෙරපීම හේතුවෙන් මෙම පිරිස ක්ලාන්ත වී ඇත.ජකර්තා නුවර ආසන්නයේ පැවති සංගීත සංදර්ශනයේදී ගායක කණ්ඩායම ඔවුන්ගේ සමරු නොමිලේ වේදිකාවේ සිට විසි කිරීමට පටන් ගත් අවස්ථාවේ ප්‍රේක්ෂකයන් කලබල වී වේදිකාවට සමීප වීමට උත්සහ දරා ඇත.

එන්.සී.ටී සංගීත කණ්ඩායම ප්‍රේක්ෂකයන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.අමතක නොවන අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට අවශ්‍ය වුණත් ඔවුන් ආත්මාර්ථකාමී ලෙස හැසිරුණු බව එන්.සී.ටී සංගීත කණ්ඩායම ප්‍රකාශ කර ඇත.

Aruna