Wednesday, January 14, 2026
Follow Us
ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයේ හදිසි වෙනසක්

කණ්ඩායමට මාව අවශ්‍ය වෙන තෙක් ක්‍රීඩා කරමි


ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායක මොහොමඩ් නබී හදිසියේම නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෝක කුසලානයට කණ්ඩායමේ තිබූ සූදානම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම මත ඔහු මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

එසේම කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ ඇතිවූ එකඟතාවයකින් තොරවූ කරුණු කිහිපයක් ද ඔහුගේ ඉල්ලා අස්වීමට හේතුවී ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

“මා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව දන්වා සිටින අතර, රට වෙනුවෙන් මා ඉදිරියටත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ කළමණාකාරිත්වයේ සහ කණ්ඩායම මා අවශ්‍ය වෙන තෙක් පමණීයි.”

Aruna