Wednesday, January 14, 2026
Follow Us
ශ්‍රී ලංකා පිලට ජය

ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැනට


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 144ක් රැස්කර ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථාන පිල වෙනුවෙන් රහමනුල්ලා ගුරුබාස් ලකුණු 28ක් රැස්කර ගැනීමට සමත් විය.

උස්මන් ගහානි ලකුණු 27යි.

ඉබ්‍රාහිම් සඩ්රාන් ලකුණු 22යි.

නජිබුල්ලා සඩ්රාන් ලකුණු 18යි.

මොහොමඩ් නබි ලකුණු 13යි.

නබි ලකුණු 12යි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වනිදු හසරංග කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

ලහිරු කුමාර කඩුළු 2යි.

කසුන් රාජිත කඩුළු 1යි.

ධනංජය ද සිල්වා කඩුළු 1යි.

අනතුරුව පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 18යි පන්දු 3කදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ පන්දු 42කදීයි.

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් ලබාගත්තේය.

චරිත් අසලංක ලකුණු 19යි.

භානුක රාජපක්ෂ ලකුණු 18යි.

පැතුම් නිශ්ශංක ලකුණු 10ය.

Aruna