Wednesday, January 14, 2026
Follow Us
විරාත් කෝලිගේ අලුත් වාර්තාව

අද තරගයෙන් කෝලි තවත් ඉහළට


ඉන්දීය පිතිකරු විරාත් කෝලි T20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1000ක් රැස් කළ ලොව දෙවැනි පිතිකරුවා බවට පත් වුණි.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පර්ත් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන සුපිරි 12 කාණ්ඩයේ තරගයේදීයි.

මහේල ජයවර්ධන T20 ලෝක කුසලාන තරඟවල ලකුණු 1000 සීමාව පසු කළ පළමු පිතිකරුවායි. ඔහු තරග 31කදී ලකුණු 1016ක් ලබා ගනිමින් තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටි.

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි අද තම 24 වැනි තරගයේදී ලකුණු 1000 පසු කළා. දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගයේදී ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12ක්.

T20 ලෝක කුසලාන තරගාවලිවල වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (12) රැස් කළ ක්‍රීඩකයා ලෙස කෝලි වාර්තාවක් තබා තිබේ.

Aruna