Friday, October 18, 2024
Follow Us
චීන නවීන දුම්රියක් කොළඹ-බදුල්ල ධාවනයට සුදානම්

චීනයෙන් ආනයනය කරන ලද නවීන පහසුකම් වලින් සමන් විත දුම්රියක් කොළඹ හා බදුල්ල අතර ධාවනය සඳහා එක් කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැළසුම් කැර තිබේ.

මෙම දුම්රිය පසුගිය 20 වැනි දා දින පරීක්ෂණ චාරිකාවකට එක් කරමින් කොළඹ සහ බදුල්ල අතර ධාවනය කැර ඇත.

එනිජින් දෙකකින් සහ මැදිරි අටකින් සමන්විත මෙම විශේෂ දුම්රිය උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට සුදුසු තත්ත්වයේ පසුවන බව දුම්රිය නියාමක අලෝක ජයසිංහ මහතා පවසයි.

වායු සමිකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්,දෙවැනි පන්තියේ මැදිරි දෙකක් හා තුන්වැනි පන්තියේ මැදිරි තුනක්ද ආපන ශාලාවක්ද මෙම දුම්රියේ තිබෙන බවත් ආපන ශාලාව තුළ විශේෂ අවශ්‍යතා ඇති අට වෙනුවෙන් පහසුකම් සලසා තිබෙන බවත් ඒ මහතා කීය.

(Dinamina)