Friday, October 18, 2024
Follow Us
චීනයේ ඉහළ පෙළේ දුත පිරිසක් ශ්‍රී ලංකාවට

මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් (Chen Min'er) ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත එරට ඉහළ පෙළේ රජයේ දූත පිරිසක් තුන් දින නිල සංචාරයක් සදහා අද (17) දින සවස ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම පිරිස චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් අද සවස 4.30 ට පමණකටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ.

මෙම විශේෂ දුත පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ඇතුළු පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

සිය තෙදින නිල සංචාරය අවසන් කොට මෙම විශේෂ දුත පිරිස මෙම මස 19 වෙනිදා යලි චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

(Neth)