Monday, September 16, 2024
Follow Us
ලෝක සර්ෆින් තරඟාවලිය අරුගම්බේහි දී

SoSri Lanka Pro Men's QS3,000’ ඉසව්ව මෙම මස ශ්‍රී ලංකාවේ අරුගම්බේදී ආරම්භවන බව ලෝක සර්ෆ් ලීගය (WSL) නිවේදනය කරයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් අනුග්‍රහය දක්වන මෙම තරඟා වලිය දින පහක් පුරා පැවැත්වීමට නියමිතවේ. මෙහිදී උසස් ශූරතා තරගාවලියට සුදුසුකම් ලැබීමට අපේක්ෂා කරන ක්‍රීඩකයින් මෙන්ම QS ලකුණු සඳහා තරඟ වදින ජාත්‍යන්තර තරඟකරුවන් විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වේ. ශ්‍රී ලංකාවට පැමිනෙන සංචාරකයින් විශාල සංඛ්‍යාවක් මෙම තරඟ සඳහා සහභාගිවීමේ අපේක්ෂා වෙන් පැම්ණෙන බව කරන බව ආසියාවේ වැඩසටහන් අධ්‍යක්ෂ ස්ටීව් රොබට්සන් මහතා පවසයි.

මෙම උත්සවය ඩබ්ලිව් එස් එල් නාලිකා ඔස්සේ විකාශය වන අතර ලොව පුරා සිටින සර්ෆ් රසිකයින්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව මෙමඟින් පෙළඹවීමක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට අන්තර්ජාතික වෘත්තිය මට්ටමේ ක්‍රිඩකයින් බඳවා ගැනීමට අපේක්ෂා කරන අතරම දේශීය ක්‍රීඩකයින්ටද අවස්ථාවක් ලබා දීමට අපේක්ෂා කෙරේ. ලෝක සර්ෆින් ලීගය නැවත ශ්‍රී ලංකාවට පැමිණීම පුදුම සහගත වනු ඇතැයි ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනයේ සභාපති හිරාන් උක්වත්තේ මහතා පැවසීය.

(Dinamina)