Tuesday, January 13, 2026
Follow Us
අගමැති මහින්ද තිරුපති සංචාරයක ...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේදී ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිල වැඳපුදා ගැනීම සඳහා යෑමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව දෙසැම්බර් 24 වනදා ඉන්දියාව බලා පිටව යන අග්‍රාමාත්‍යවරයා 26 වනදා ආපසු පැමිණීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

මෙම සංචාරය සඳහා ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය ලැබෙන අතර අගමැතිවරයා සමග අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද සංචාරයට එක්වනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

(LNW)