Tuesday, January 13, 2026
Follow Us
බූස්ටර් එන්නතෙන් ඕමික්‍රෝන්වලට එරෙහිව සියයට 85ක ආරක්ෂාවක්

කොවිඩ් ප්‍රතිශක්තීකරණ බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඕමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හේතුවෙන් දරුණු රෝගාබාධ තත්ත්වයන් ඇති වීම සියයට 85කින් පමණ වැලැක්වෙන බව අනාවරණ වී තිබෙනවා. ඒ බ්‍රිතාන්‍යයේ සිදු කළ පරීක්ෂනයකින්.

බ්‍රිතාන්‍යයෙන් ඕමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙනවා. කෙසේවෙතත් බූස්ටර් එන්නත මගින් දරුණු ආබාධ ඇති විම වලක්වන නිසා බූස්ටර් එන්නත් ලබා ගත් පුද්ගලයින් රෝහල්ගත විමේ ප්‍රවණතාව අඩු මට්ටමක පවතින බවයි පර්යේෂකයින් අනාවරණ කර ඇත්තේ.

(Neth)