Tuesday, January 13, 2026
Follow Us
ඉන්දියානු මහ කොමසාරිස්වරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූ අතර, එහිදී දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළේ ය.

දෙපාර්ශ්වය අතර පවත්නා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාව තුළ මෑතකදී සිදු කළ සංචාරයේ ප්‍රතිඵල හා සබැඳි කරුණු රාශියක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

විදේශ අමාත්‍යංශය
කොළඹ

2021 දෙසැම්බර් 16 වැනි දින