Tuesday, January 13, 2026
Follow Us
ඩොලර් අර්බුදය නිසා විදේශ තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල 03ක් වැසෙයි

මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් හා කොන්සල් කාර්යාල 02 ක් වසා දමා තිබෙනවා. රජයේ වියදම් අවම කර ගැනීම සහ ඩොලර් ඉතිරි කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

ඒ අනුව ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය, සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එලෙස වසා දැමීමට පියවර ගත් බවයි විදේශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ෆ්රැන්ක්ෆර්ට් කොන්සල් කාර්යාලය වසා දැමීමත් සමග එහි කටයුතු බර්ලින් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පවරා තිබෙනවා. නයිජීරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු සිදු කෙරෙන්නේ ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහායි.

(Neth)