Saturday, July 12, 2025
Follow Us
ඔමික්‍රෝන් ගැන රටවල් දක්වන අඩු සැලකිල්ල පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය කණස්සල්ලෙන්

මෙතෙක් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරයමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ආදනම් පැවසුවේ රටවල් රැසක ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් තිබුණත්, තවමත් හඳුනාගෙන නොමැති විය හැකි බවයි. එමෙන්ම බොහෝ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ අවතක්සේරු කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට සූදානම් නොවුනහොත් රෝගීන් සංඛ්‍යාව අනපේක්ෂිතව ඉහළ ගොස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකට ලක්විය හැකි බවයි ඔහු රටවල්වලට අනතුරු අගවා සිටින්නේ.

මේ වනවිට ලොව රටවල් 77 ක් පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේවනවිට එයින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ යුරෝපයයි. බි්‍රතාන්‍ය තුළ ද ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තවෙමින් ඇති අතර ඔමික්‍රෝන් ආසාදිතව සිදුවූ පළමු මරණය ද ඉකුත් දා බි්‍රතාන්‍යයෙන් වාර්තා වුණා.

(Neth)