Monday, November 10, 2025
Follow Us
පැය දෙකකදී ඔමික්‍රෝන් හදුනාගැනීමට පරීක්ෂණයක් එයි

පැය දෙකක පමණ කාලයකදී කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය හදුනාගත හැකි නව පරීක්ෂණයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ඇසෑම් ශාඛාව විසින්.

මෙම නව පරීක්ෂණය අනුව පුද්ගලයෙකුගේ ජෛව සාම්පල රැගෙන පැය දෙකක් තුළ එම පුද්ගලයාට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදී ඇතිදැයි හදුනාගත හැකි බව සදහන්.

මෙම නව සොයාගැනීම හේතුවෙන් ‍ ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදීම සහ ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට පවතින බිය සහ නොසන්සුන්තාවයට විශාප සහනයක් ලැබෙනු ඇති බවට ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලව සදහන් කරනවා.

විශේෂයෙන් ඇතැම් රටවල සිට පැමිණෙන පුද්ගලයන් ඔමික්‍රෝන් ප්‍රභේදය වැළදී ඇතිදැයි හදුනාගැනීම සදහා පැය ගණනාවක් ගුවන් තොටුපළවල රදවාගෙන පරීක්ෂණ සිදුකිරීමේ තත්වය වෙනස් කිරීම සදහා නව සොයා ගැනීම විශේෂයෙන් වැදගත් වන බවයි ඉන්දීය බලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ වනවිට නව පරීක්ෂණ ක්‍රම‍වේදය සදහා බලපත්‍ර ලබා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර ඉදිරි සතියේ සිට එය පරීක්ෂණාගාරවල පුලුල් භාවිතය සදහා යොදාගැනීමට නියමිතයි.

(Neth)