Saturday, July 12, 2025
Follow Us
අගමැති මහින්දගෙන්, බංග්ලාදේශ අගමැතිණියට දුරකථන ඇමතුමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

එහිදී දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා සාකච්ඡා කර ඇති බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක්ව කටයුතු කළ හැකි ක්ෂේත්‍ර පිළිබඳව දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සැබෑ සහ අවංක මිතුරෙකු වන බංග්ලාදේශයේ ඓතිහාසික මිත්‍රත්වය අගය කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය හමුවේ ප්‍රකාශ කර ඇති බවයි එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(Neth)