Tuesday, January 13, 2026
Follow Us
ජනපති සිංගප්පූරුවේ හදිසි සංචාරයක?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කෙසේ නමුත් ජනාධිපති කාර්යාලය මේ දක්වා ඒ පිළිබඳව නිළ වශයෙන් නිවේදනය කර නොමැත.

පෞද්ගලික සංචාරයක් සඳහා ජනාධිපතිවරයා පිටත්ව ගොස් ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටද නියමිත බව වාර්තා වේ.

මෙම සංචාරය හේතුවෙන් අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

(LNW)