Tuesday, January 13, 2026
Follow Us
ඩොලර් හිගයට IMF පිහිට පතයිද - තීරණය කැබිනට් රැස්වීමේදී

පවතින විදේශ විනිමය ගැටළුව විසදාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නාවද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මීලග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්චා කර තීරණයක් ගනු ඇතැයි රජයෙ ආරංචි මාර්ග පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් අමාචත්‍යවරුන් විරුද්ධ මතයක් දරණ අතර පසුගිය අයවැය විවාදයේදීද ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ ආණ්ඩුව මේ වන විටත් සියලුම ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග සහයෝගයෙන් වැඩ කරන බවයි.

පවතින ඩොලර් හිගය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීමේදී දැඩි කොන්දේසිවලට යටත් වීමට සිදුවනු ඇතැයි ඇතැම් පාර්ෂවයන්ගේ මතයයි. ඒ සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අදහස් පළ කළා.

(Neth)