Tuesday, January 13, 2026
Follow Us
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හෙලිකොප්ටර් අනතුරෙන් මරුට

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බිපින් රවාට් මහතා ඊයේ (08) තමිනාඩු ප්‍රාන්තයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය තහවුරු කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් සහ සුලූර් අතර ප්‍රදේශයේදී එම හෙලිකොප්ටර් යානය කඩාවැටී තිබිණි.

මෙම අනතුරින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මෙන්ම ඔහුගේ බිරිඳ ඇතුළු තවත් 13 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

(LNW)