Tuesday, January 13, 2026
Follow Us
ඔමික්‍රෝන්ට එරෙහිව සුබ ආරංචියක්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ පණිවිඩයක්


දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් එන්නත් මගින් ඔමික්‍රොන් නව ප්‍රභේදයට එරෙහිව තවමත් සාර්ථක ආරක්ෂාවක් ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් අවධාරණය කර ඇත්තේ, අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂව එන්නත මඟහැරයාමේ විශේෂ හැකියාවක් ඔමික්‍රොන් ප්‍රභේදය සතු බවට පැහැදිලි සාක්ෂි හමුවී නොමැති බවයි.

එහෙත් ඔමික්‍රොන් නව ප්‍රභේදය මගින් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත අර්ධ වශයෙන් මඟහැරයා හැකි බවට දකුණු අප්‍රිකාව පසුගියදා සිදුකළ සායනික පරික්ෂාවකින් අනාවරණය වූ බව පසුගියදා වාර්තා වී තිබුනා.

එම පර්යේෂණය මගින් හඳුනාගෙන ඇත්තේ නව ප්‍රභේදය මගින් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිය සීමාකරන බවයි.

(Aruna)