Saturday, July 12, 2025
Follow Us
බ්‍රිතාන්‍යයට ඇතුලු වීමට නව කොන්දේසි මාලාවක්

ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම් හේතුවෙන් බ්‍රිතාන්‍යයට ඇතුලුවන පුද්ගලයින් සඳහා නව නීති පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යය පැමිණීමට පෙර කොවිඩ් පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්‍යයි.

එමෙන්ම බ්‍රිතාන්‍යයට පැමිණ දින 02 ක් තුළ පී සී ආර් පරීක්ෂණයක් සිදු කළ යුතු අතර එන්නත් ලබා ගැනීම කුමන තත්ත්වයක පැවතියත් එහි ප්‍රතිඵල ලැබෙන තුරු නිරෝධායනයට ලක්විය යුතු වනවා.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ පූර්ණ එන්නත්කරණයට ලක්වූ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් බ්‍රිතාන්‍යයට පැමිණිමෙන් පසු දින 10 ක් නිවෙස් නිරෝධායනයට ලක්විය යුතුයි.

රතු ලැයිස්තුවට අයත් අප්‍රිකානු රටවල් 11 සිට පැමිණෙන බ්‍රිතාන්‍යය හෝ අයර්ලන්ත ජාතිකයින්ට එක්සත් රාජධානියට ඇතුලුවීමට අවසර ඇතත් ඔවුන් දින 10 ක් රජයේ අනුමත හෝටලයක නිරෝධායනය විය යුතු වනවා.

(Neth)