Tuesday, January 13, 2026
Follow Us
පාකිස්ථාන අගමැති ප්‍රියන්ත කුමාරගේ වැටුප සම්බන්ධයෙන් ගත් තීරණය

ප්‍රියන්ත කුමාරගේ දේහය පිළිබද අවසන් කටයුතු අද


පාකිස්තානයේ දී සාහසික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් අරමුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරිකයින් පියවර ගෙන තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ මේ වන විට එම අරමුදල සදහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එකතු වී ඇති බවයි.

මේ අතර ප්‍රියන්ත කුමාර මහතා එරටදී මාසිකව ලැබූ වැටුප නොනවත්වා ඔහුගේ පවුලේ උදවිය සදහා ලබාදීමට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා තීරණය කර තිබේ.
එමෙන්ම එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ සැකකරුවන්ට කිසිදු බුරුලක් නොදෙන බව ද ඔහු මාධ්‍ය වෙත පවසා ඇත.

ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (08) පස්වරුවේ ගණේමුල්ල පොල්වත්ත සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

(Aruna)