Thursday, March 28, 2024
Follow Us
ප්‍රියන්ත කුමාරගේ ඝාතනයේ ප්‍රධානම සැකකරුවෙකු අත්අඩංගුවට

රාවල්පිණ්ඩි ප්‍රදේශයේදී පන්ජාබ් පොලීසියට කොටුවූ ප්‍රධාන සැකකරුවෙකු


පාකිස්තානයේ දී සාහසික ලෙස ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවන ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් රැකවල්වලින් මිදී රාවල්පිණ්ඩි බලා යන බස් රථයකදී ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පන්ජාබ් පොලීසිය සඳහන් කළේ.

ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 27 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙසයි සැලකෙන්නේ.

ඒ අතරින් 26 දෙනෙකු පාකිස්තානයේ ගුජරන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණය මගින් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

(Aruna)