Tuesday, January 13, 2026
Follow Us
ලෝකයම ගිලගන්න භයානක වසංගතයක්

විද්‍යාඥවරියකගෙන් අනතුරු ඇඟවීමක්


අනාගතයේ මිනිස් සංහතියට මුහුණ දීමට සිදුවන වසංගත කොවිඩ් වසංගතයට වඩා බෙහෙවින් දරුණු විය හැකි බව ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විද්‍යාඥවරියක වන මහාචාර්ය සාරා ගිල්බර්ට් පවසයි.

‘‘වයිරසයක් අපේ ජීවිතවලට, අපේ ජීවිකාවන්ට තර්ජන එල්ල කරන අවසන් අවස්ථාව මෙය නොවෙයි. සත්‍යය නම් මීළඟ වයිරසය මීටත් වඩා ඉතා භයානක විය හැකි බවයි. එය මීටත් වඩා වේගයෙන් පැතිරෙන්නක් හෝ මීට වඩා මාරක වයිරසයක් හෝ ඒ දෙකම හෝ විය හැකියි’’ ඇය සඳහන් කරයි.

මේ නිසා වසංගත සඳහා සූදානම් වීමේ කටයුතු වෙනුවෙන් වඩවඩාත් මුදල් වෙන් කළ යුතුව ඇති බවද මහාචාර්ය ගිල්බර්ට් අවධාරණය කර තිබේ.

(Aruna)