Thursday, March 26, 2026
Follow Us
ශ්‍රී ලංකන් ගුවන් සේවය යළි ආරම්භ කළ ගුවන් ගමන

ශ්‍රී ලංකන් ගුවන් සේවය ‘ගන් දූපත’ බලා යළි පියාසර කරයි


ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ‘ගන් දූපත’ වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

(04) සිට සතිපතා එම දූපත වෙත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL119 ගුවන් යානය ‘ගන් දූපත’ වෙත පියාසර කරනු ලබනු ඇත‍.
ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 10.40ට කොළඹ සිට ‘ගන්’ දක්වා පිටත් වන අතර, එය එදිනම පස්වරු 13.05ට ‘ගැන්’ සිට කොළඹ බලා පැමිණෙනු ඇත.

(Aruna)