Thursday, May 14, 2026
Follow Us
පකිස්ථාන වැසියන්ගෙන් ශ්‍රී ලාංකිකයින්ට පණිවිඩයක්

ට්විටර් ගිණුම් ඔස්සේ කණගාටුව දක්වයි


ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පකිස්ථානයේදී ප්‍රියන්ත කුමාර නමැති ශ්‍රී ලාංකිකයා පහර දී අමානුෂිකව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පකිස්ථාන වැසියන් බොහෝ පිරිසක් කම්පාවට පත්ව සිටින බව වාර්තා වනවා.

එමෙන්ම, පාකිස්ථානයේ ලාහෝර් වැසියන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලමින්, පුවරු ප්‍රදර්ශනය කරන ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වුණා.

ඔවුන් එම අමානුෂික සිද්ධිය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම් ඔස්සේ ශ්‍රී ලංකාවෙන් සමාව අයදින අයුරුද දැක ගත හැකි වුණා.

ඒ අතර, සිංහල භාෂාවෙන් ද ඇතැම් පිරිස් ශ්‍රී ලාංකිකයන්ගෙන් සමාව ඇයද තිබෙනු දක්නට ලැබුණා.

(Aruna)