Tuesday, January 13, 2026
Follow Us
ප්‍රබල ඇමතිවරැන් පිරිසක් සමග පුටින් හෙට ඉන්දියාව⁣ට

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හෙට ඉන්දියාවේ සංචාරයක නිරතවනවා. විදෙස් මාධ්‍ය වාර්තා ක⁣ළේ, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂුගෝව් මෙන්ම විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් ද මෙම සංචාරයට එක්වන බවයි.

21 වන රුසියානු ඉන්දියා සමුළුවට සහභාගිවීම මෙම සංචාරයේ මූලික අරමුණයි.

මෙහිදී මූලිකව ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක තත්වය සහ කෝවිඩ් වසංගතය පාලනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක අරවින්ද් බගාචි සදහන් කළා.

ඊට අමතරව දෙරට අතර වන උපාය මාර්ගික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති.

මූලික සාකච්ඡාවලට අමතරව දෙරටේ විදේශ හා ආරක්ෂක අමාත්‍යවරැන් අතර එම ක්ෂේත්‍රවලට අදාළවද තීරණ රැසකට එළඹීමට නියමිත බව සදහන්.

(Neth)