Thursday, July 10, 2025
Follow Us
ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

පාකිස්තානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලීමක්


පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කළ සිද්ධියට අදාළව පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ලක් රජය සහ ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.ඒ අදාළ සිද්ධිය පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය එම මිලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව අගය කරන බවයි.

එසේම, පාකිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

(Aruna)