Tuesday, January 13, 2026
Follow Us
පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය : ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් අත්අඩංගුවට

පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහරදී පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු සැකකරුවන් 100කට අධික පිරිසක් ඊයේ (03) රාත්‍රිය වනවිටම අත් අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් ප්‍රාන්ත පොලිසිය පවසයි.

ෆර්හාන් ඉද්‍රීස් නම් ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු පිරිසක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර පන්ජාබ් ප්‍රාන්ත පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන කටයුතු සිදුකෙරෙන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පන්ජාබ් පොලිසිය සඳහන් කර ඇත්තේ.

image 8402bc63cd

(LNW)