Friday, April 26, 2024
Follow Us
දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්ට තනතුර අහිමි වෙයි

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස්. අමරසේකරට දෙසැම්බර් 31 වනදාට පෙර දිවයිනට පැමිණෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිපියක්ද මහාකොමසාරිස්වරයා වෙත යැවූ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

එස්. අමරසේකර දකුණු අප්‍රිකාවේ මහාකොමසාරිස් ධූරයට පත්කර තිබුණේ වසර දෙකක් සඳහයි. එහෙත් නියමිත ධූර කාලය අවසන් වීමට පෙර ඔහු දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එස්.අමරසේකර වෙනුවට ගාමිණි ගුණවර්ධන දකුණු අප්‍රිකාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා. දැනට දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස්. අමරසේකර අග්‍රාමාත්‍ය මහින්ද රාපක්‍ෂ මහතාගේ ලේකම්වරයෙකු ලෙස දෙවතාවක් කටයුතු කර තිබෙනවා. ඔහු වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ අයෙක්.

(Neth)