Friday, March 29, 2024
Follow Us
ඉන්දීයානු සාගර සමුළුව අද ඇරඹෙයි - සමාරම්භක දේශණය ජනපතිගෙන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුව අද ආරම්භ වනවා. එහි සමාරම්භක දේශණය සිදු කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. එම සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

ඉන්දියානු සාගරය ආශ්‍රිත රාජ්‍යවල සහ එම සාගරය බහුලව භාවිත කරන සෙසු රටවලට බලපාන පොදු අභිලාශ හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් 2016 වසරේදී “ඉන්දියානු සාගර සමුළුව” ආරම්භ කෙරුණා.

එහි සිව්වන සමුළුව 2019 වසරේ මාලදිවයිනේදී පැවැති අතර එහිදී “සංවාදයට ගැණුනේ ඉන්දියානු සාගර කලාපයේ සුරක්ෂිතතාව හා සම්ප්‍රදායික නොවන අභියෝග” පිළිබඳවයි. “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් එහි පස්වන සමුළුව අද සහ හෙට අබුඩාබිහි දී පැවැත්වෙනවා.

(Neth)