Tuesday, February 10, 2026
Follow Us
වෙනිසියුලා රාජ්‍ය නියෝජිතයින්, ජවිපෙ සමඟ සාකච්ඡාවක්

ජනතා විමුක්ති ‌පෙරමුණ හා ‌වෙනිසියුලා රාජ්‍ය නියෝජිතයින් අතර 24 පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්විණි.

ජනතා විමුක්ති ‌පෙරමු‌ණේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සදහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක මහතා සහ සුනිල් හදුන්නෙත්ති මහතා එක්ව සිටියහ. මීට අමතරව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන ‌දේවප්‍රිය මහතා සහ සමාජවාදී තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ‌ලේකම් අංජන සම්පත් අමරසිංහ මහතා ද එක්ව ඇත. ‌වෙනිසියුලා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුබන් මොලීනා මහතා සහ ඉන්දියාවේ වෙනිසියුලා තානාපති කාර්යාල නිලධාරියෙකු වන නෙස්ටර් ලෝපේස් මහතා වෙනිසියුලානු රජය නියෝජනය කරමින් සහභාගීවී සිටිය හ.

(Lanka Leads)