Tuesday, January 13, 2026
Follow Us
ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා ගැන පාකිස්ථාන අගමැතිගෙන් ට්විටර් පණිවිඩයක්

සිද්ධියට වගකිව යුතු අය තවදුරටත් අත්අඩංගුවට


පාකිස්ථානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරුවෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කරන බව, පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

එම පණිවිඩයේ සඳහන් වන්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානය රටක් ලෙස ලැජ්ජවට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කෙරෙහි තමන් ඉතා දැඩි අවධානයෙන් බලා සිටින බවත්, කිසිදු මග හැරීමකින් තොරව, මෙම සිද්ධියට වගකිව යුතු සැමට උපරිම දඬුවම් ලබාදීමට කිසිසේත් පසුබට නොවන බවයි, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබෙනවා.

සිද්ධියට වගකිව යුතු අය මේ වනවිටත් අත්අඩංගුවට ගනිමින් සිටින බවයි, එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

(Aruna)