Tuesday, January 13, 2026
Follow Us
ඔමික්‍රෝන් හමුවේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි

දකුණු අප්‍රිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමකත් මේ වන විට පෙන්නුම් කරමින් සිටිනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඔමික්‍රොන් ප්‍රභේදයේ බලපෑම ඊට හේතුව බවයි.

මීට පෙර දින 8,500 ක් වූ දකුණු අප්‍රිකානු දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වන විට 11,500 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

නොවැම්බර් මස මැද භාගය වන විට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූයේ දෛනික ආසාදිතයින් 200 ත් 300 ත් අතර පිරිසක් පමණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඔමික්‍රොන් කෙfවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 24 ක පැතිර ගොස් තිබෙනවා.

(Neth)