Thursday, May 14, 2026
Follow Us
චීනය ලංකාව අතහරී

තුන්වන පාර්ශවයේ බලපෑම් නිසා චීනය ගත් තීරණය


උතුරේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘතිය අත්හිටුවීමට චීනය තීරණය කර තිබේ.

තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.

උතුරු පළාතේ ඩෙල්ෆ් , අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම විදුලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීන සමාගම සුදානමින් සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූ චීන සමාගම මාලදිවයිනේ දූපත් 12 ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර තිබේ.

(Aruna)