Tuesday, January 13, 2026
Follow Us
දිමුත් හොඳම 07 දෙනා අතරට එක්වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 07 දෙනා අතරට එක්වී තිබෙනවා. ඒ, බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 07 වන ස්තානයට දිමුත් කරුණාරත්න පත්ව ඇත්තේ ස්ථාන 04 ක් ඉදිරියට පැමිණෙමින්. දිමුත් මීට පෙර 2019 වසරේදී ලොව හොඳම පිතිකරුවන් 06 දෙනා අතරට එක් වුණා. මීට අතරව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ 23 වන ස්ථානයටත්, දිනේෂ් චන්දිමාල් 46 වන ස්ථානයටත් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා - බටහිර ඉන්දිය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තීරණාත්මක සිව්වන දිනය අදයි. සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව ඊයේ දිනය නිමා වන විට කඩුලු 02 ක් දැවී ලකුණු 46 ක් රැස් කරගෙන සිටියා.

(Neth)