Tuesday, January 13, 2026
Follow Us
ඇමති බැසිල් ඉන්දීය මුදල් අමාත්‍යවරිය හමුවෙයි

ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවට අදාළ කරුණු රැසක් සාකච්ඡා වෙයි


ඉන්දියාවේ සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවී තිබේ.

එම හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවට අදාළ කරුණු රැසක් සාකච්ඡා වී ඇත.

ඉන්දියාවේ ආර්ථික සහයෝගීතා වැඩසටහන් හරහා විවිධ ක්ෂේත්‍ර ගණනාවකදී ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගය පිළිබද බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ස්තූතිය පළ කර තිබේ.
මෙම හමුවට මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

(Aruna)