Saturday, July 05, 2025
Follow Us
ඔමික්‍රෝන් නිසා වීසා හිමි එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ටත් ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට තහංචි!

නව ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය නිසා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශ සිසුදරුවන් ඇතුළු එන්නත්කරණයට ලක්වූ වීසා හිමි පුද්ගලයන් එරටට ඇතුළු කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ අනුව, දෙසැම්බර් 01 වන දින සිට 15 වන දින දක්වා මෙම සංචාරක තහනම ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වීමට එරට බලධාරීන් ක්‍රියාමාර්ග ගෙන තිබේ.

මෙම අත්හිටුවීම නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය කරගන්නා තුළ බලපැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරී පෝල් කෙලී ගේ උපදෙස් මත ඕස්ට්‍රේලියානු ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් අද (29) දින මෙම තීරණයට එළඹ ඇත.

(LNW)