Thursday, March 26, 2026
Follow Us
විදුලි වාහනයක් ගන්න ඉන්න අයට සුබ ආරංචියක්

නිසාන් සමාගම අලුත් වැඩකට අත තබයි


ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම අලුත් වැඩකට අත තැබීමට සූදානම් වෙයි.

එළඹෙන වසර 5 තුළදී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බව ඔවුන් අද (29) නිවේදනය කළේය.

විශේෂයෙන් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පාලනය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කරමින් සිටින පසුබිමක “විදුලි සහ හබ්‍රිඩ්” වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේදී ඇතිවෙතැයි එම සමාගම පවසයි.

නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වෙයි.

(Aruna)