Thursday, January 27, 2022
Follow Us
ඩොලර් බිලියන එකහමාරක් ගේන්න බැසිල් ලබන මාසයේදී ඉන්දියාවට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මසදී ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ. මෙම සංචාරය තුළදී ඔහු ඉන්දීය අගමැතිවරයා ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරය ප්‍රධාන අරමුණ ඉන්දීය රජයෙන් ඩොලර් බිලියන එකහමාරක ණයක් ලබා ගැනීමයි. මේ වනවිටත් ඊට අදාල මූලික කටයුතු ආරම්භ කර ඇති අතර මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය තුළදී ඒ පිළිබඳ අවසන් සාකච්ඡා පැවැත්වෙනු ඇත.

මීට අමතරව මෙරට ආයෝජන අවස්ථා සඳහා ඉන්දීය ආයෝජකයන් ගෙන්වා ගැනීමද මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරයේ ප්‍රධාන අරමුණකි.

(LNW)