Tuesday, January 13, 2026
Follow Us
ලොව දරුණුතම කොවිඩ් වෛරසයට නමක් දෙයි

විකෘතිතා රැසකින් සමන්විත නව කොවිඩ් වෛරසයක්


දකුණු අප්‍රිකාවෙන් හමුවූ නවතම දරුණු කොවිඩ් වෛරස් ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔමික්‍රොන් ලෙස නම්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය විකෘතිතා රැසකින් සමන්විත අතර නැවත නැවතත් වැළඳීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි ඔවුන් පෙන්වා දෙයි.

මෙම නව ප්‍රභේදය ආසාධිතයන් දෙදෙනෙකු ඊශ්‍රායලයෙන් සහ බෙල්ජියමෙන්ද වාර්තා වී තිබේ.

එය මෙතෙක් ඔවුන්ට හමුවූ බියකරුම විකෘතිය බව විද්‍යාඥයින් පවසයි.

(Aruna)