Monday, September 16, 2024
Follow Us
ඇමරිකානු හමුදා සහයෝගීතාවට නව හමුදාපති බාධාවක්…. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අගවයි

හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම නිසා ඇමරිකානු හමුදා සහයෝගිතාවයට සහ ආයෝජනවලට බලපාන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව (22 දා) ශ‍්‍රී ලංකා රජයට අනතුරු අගවා ඇත.

මෙම පත්වීම ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් ආයතනය ලබාදෙන ඩොලර් මිලියන 480 ක ණය මුදලටද ප‍්‍රශ්නයක් වන බව එම දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙක් පවසා සිටී.

නව හමුදාපති පත්කිරීම ජාතිවාදීන්ගේ අවශ්‍යතාව මත සිදුවූවක් බවද දන්වන එම ප‍්‍රකාශකයා හමුදාපති මානව හිමිකම් උල්ලංඝනය කරන්නකු නම් ඇමරිකානු හමුදා සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සහයෝගිතාවයට එය බලපාන බවද කියයි.

(Lanka Leads)