Wednesday, July 09, 2025
Follow Us
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා.

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම්වරයා ඊයේ පස්වරුවේ මෙරටට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඔහු පිළිගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

(Neth)