Saturday, November 08, 2025
Follow Us
ඉන්දු චීන සබදතා අයහපත් අතට

තම රට සහ චීනය අතර වන සබදතා දිනෙන් දිනම අයහපත් තත්වයකට හැරෙමින් ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් පවසනවා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත්තේ සිංගප්පූරුවේ පැවති සමුලුවක් අමතමින්.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ කිසිදු පැහැදිලි සහ නිශ්චිත හේතුවක් නොමැතිව චීනය විසින් දෙරට අතර වන එකගතා කඩකරමින් ඇති බවයි.

චීනය විසින් පසුගිය වසරේදී නැගෙනහිර ලඩාක් දේශසීමා බිද දමමින් ඉන්දියාවට ඇතුළු වූ බවට චෝදනා එල්ල වුණා.

පසුව පැවති සාකච්ඡාවලින් අනතුරැව යළි සුපුරුදු ස්ථාන වෙත යමින් දේශසීමාවේ සාමය පවත්වාගෙනයාමටයි දෙපාර්ශවය එකගවුණේ.

එහෙත් පැහැදිලි හේතුවක් නොමැතිව චීනය එම එකගතා නිසි පරිද ඉටු නොකරන බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා කරනවා.

(Neth)