Wednesday, July 09, 2025
Follow Us
ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න සිසුන්ට පණිවිඩයක්

ඕස්ට්‍රේලියාවට ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද සිට ඇරඹෙයි


ඕස්ට්‍රේලියාවට නැවතත් ජාත්‍යන්තර සිසුන් පැමිණීම අද සිට ආරම්භ කර තිබේ.‍‍

ඒ අනුව වසර දෙකකට පසුව සිංගප්පූරුව සහ ඕස්ට්‍රේලියාව අතර ගුවන් සංචාරක බුබුළ අද සිට ආරම්භ විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිංගප්පූරුවේ සිට ගුවන් යානා 02 ක් මෙල්බන් සහ සිඩ්නි ගුවන් තොටුපළ වෙත ළගාවී ඇති බවයි.

මෙම සිසුන් අතර සිටින පූර්ණ එන්නත්කරණයට ලක්වූ කිසිවෙකුත් නිරෝධායනයට ලක්වීම අවශ්‍ය නොවන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් සදහන් කරයි.
මීලග ජාත්‍යන්තර සිසුන් කණ්ඩායම ලබන 07 වනදා සිඩ්නි ගුවන් තොටුපළට පැමිණීමට නියමිතයි.


(Aruna)